සමන් රත්නායක අද අධිකරණයට ඉදිරිපත් කරයි

March 02, 2024 - 11:11 AM
සමන් රත්නායක මහතා, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

එහිදී පැය 09කට අධික කාලයක් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරු ව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණු බව සඳහන් වනවා.

එලෙස ඊයේ (01) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)