සමනල වැවට පාවෙන සූර්ය බලාගාර දෙකක්

October 25, 2023 - 4:40 PM
සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් 'යෝජනා කැඳවීමට' පියවර ගෙන තිබෙනවා.

ඒ, සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහායි.

මේ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණා.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා මෙසේ යෝජනා කැඳවීමට නියමිතයි.
(lknews.lk)