සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගන්වයි

June 13, 2024 - 3:04 PM
දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපාකම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඒ සඳහා අවශ්‍ය ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මූලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.

(lknews)