ජයසූරියට ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක්

December 14, 2023 - 1:32 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිණෙන සියලුම කණ්ඩායම් ඔහු හරහා අධීක්ෂණය කරනු ඇති. 
 
සනත් ජයසූරිය පත් කිරීම, ක්‍රීඩාවේ වර්ධනය සහ සංවර්ධනය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයන්ගෙන් එක් අයෙකුගේ විශේෂඥභාවය සහ අත්දැකීම් උපයෝගී කර ගැනීමේ උපායමාර්ගික මුලපිරීමක් සනිටුහන් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
(lknews.lk)