ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

July 01, 2024 - 9:41 AM
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් 2004 වසරේ සිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළා.

මිය යන විට ඔහු 91 වන වියේ පසු වුණා.

(lknews)