සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

November 02, 2023 - 11:15 AM
දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වල භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇති බව එම සමාගම පවසනවා.

ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 948 ක්.

එසේම කඩල රුපියල් 09කින්ද, මුං අට රුපියල් 77 කින් ද පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)