සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

October 18, 2023 - 4:04 PM
ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම නව මිල සංශෝධනය හෙට (19) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 650ක් වනවා.

දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545ක් බව සඳහන්.

මුං ඇට කිලෝ එකක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල 1100ක් වනවා.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1090ක් බවයි වාර්තා වන්නේ.

කොත්තමල්ලි කිලෝ එකක නව මිල රුපියල් 540ක් වන අතර එහි මිල රුපියල් 10කින් පහළ දමා තිබෙනවා.
(lknews.lk)