2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබියට

October 31, 2023 - 6:04 PM

2034 පිරිමි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට සත්කාරක රට සඳහා ලංසු තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රමාදය නිසා සෞදි අරාබියට සත්කාරකත්වය හිමිව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පාපන්දු සම්මේලනය සිය තීරණය තහවුරු කර ඇත්තේ Fifa හි කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවසාන දිනයට පැය කිහිපයකට පෙර බවයි සඳහන් වන්නේ.

ඕස්ට්‍රේලියාවට අමතරව ලංසු තැබීමට එක්වී සිටියේ සෞදි අරාබිය පමණයි.

2026 ලෝක කුසලානය එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාවේදී පැවැත්වෙනවා.

මොරොක්කෝව, පෘතුගාලය සහ ස්පාඤ්ඤය 2030 තරඟාවලියට සත්කාරකත්වය සපයන අතර තරඟ ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේ යන රටවලද පැවැත්වීමට නියමිතයි. .

සෞදි අරාබිය 2018 සිට පාපන්දු, Formula 1, golf සහ boxing ඇතුළුව ප්‍රධාන ක්‍රීඩා ඉසව් කිහිපයකට සත්කාරකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(lknews.lk)