ශිෂ්‍යත්වයේ අයදුම්පත් කැඳවීම අද සිට

May 27, 2024 - 9:10 AM
ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම අද (27) සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

ඒ අනුව ජුනි මස 14 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
(lknews.lk)