ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

February 02, 2024 - 1:42 PM
2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු අද දින නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාසල් සඳහා තීරණය වූ කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකියි.

එසේම කඩඉම් ලකුණු අනුව සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධව මේ මස 05වන දින සිට පහත සඳහන් වෙබ් පිටුව මඟින් පරික්ෂා කර ගත හැකි බවත් දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහා පිවිසීමට,

https://moe.gov.lk/

පාසල් සම්බන්ධයෙන් විමසීමට,

https://g6application.moe.gov.lk/#/