ශිෂ්‍යත්ව විභාගය අද

September 15, 2024 - 9:02 AM
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද [15] පැවැත්වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879දෙනෙක් සුදුසුකම් ලබා ඇති බවයි.

දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වා ද පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 11.45 සිට දහවල් 12.15 දක්වාද සිසුන් වෙත ලබා දීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි.

[lknews]