ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

April 04, 2025 - 9:34 AM
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ 2025 අද (04) දින සිට අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලබන බවයි.

අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රී 12.00ට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිර්පත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බවත් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණක් බවත් නිවේදනය කළා.

අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව ඔහු වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201 දුරකථන ඔස්සේත් http://gr5schexam@gmail.com යන විද්‍යුත් තැපෑලට පණිවිඩයක් යොමු කිරීමෙනුත් තොරතුරු දැනගත හැකි බව ප්‍රකාශ කළා.

ඊට අමතරව 1911 ක්ෂණික දුරකථන අංකය සහ 011-2784422 ෆැක්ස් අංකය හරහාත් විමසීම් සිදු කළ හැකි බව නිවේදනය කරනවා.


(lknews.lk)