පාසල් දරුවන් කාණ්ඩයකගේ සාක්ෂරතාව 3%ක් පමණක් ඇති බවට අනාවරණයක්

September 27, 2023 - 2:20 PM
මධ්‍යම පළාත් පාසල් ළමුන්ගෙන් 4, 5 වසර පන්ති වල දරුවන්ගෙන් 97% වූ බහුතර දරුවන් නිසි සාක්ෂරතා මට්ටමෙන් තොර බවත් සාක්ෂරතා මට්ටම සාධනීය තත්ත්වයක ඇත්තේ 3%ක දරුවන් පිරිසකගේ පමණක් බවට අනාවරණය වී තිබෙනවා.

ඊට ප්‍රබලම හේතුව covid-19 වසංගත සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුළු අධ්‍යාපනය ලබාදීමට නොහැකි වීම බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පවසන්නේ.

ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 සිට 11 වසර තෙක් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම් මැන බලා ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම පිණිස ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

මධ්‍යම පළාත් දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර එම වැඩසටහන සඳහා විශ්‍රාමික ගුරුවරුන්ගේද සහය ලබා ගන්නා බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)