අධික වර්ෂාපතනය හේතුවෙන් පාසල් 11ක අධ්‍යාපන කටයුතුවලට බාධා

December 05, 2023 - 12:53 PM
අධික වර්ෂාපතනය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්බද පාසල් 11ක අධ්‍යාපන කටයුතුවලට බාධා සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම පාසල්වල සිසුන් ඊයේ (04) වේලාසන නිවෙස්වලට යවා ඇති බව සඳහන්.

අධික වර්ෂාව නිසා පංති කාමරවලට ජලය ගලාගෙන ඒම හා මාර්ගවල ගමන් කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ පාසල්වලට අද (05) ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් පැමිණ නොසිටි බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පවසනවා.
(lknews.lk)