චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි තොග නිල වශයෙන් භාරදෙයි

December 10, 2024 - 8:02 PM
චීන රජය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට භාරදීම සිදු කර තිබෙනවා.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්වී තිබෙනවා.
 
(lknews.lk)