පාසල් නිල ඇඳුම් චීනයෙන්

March 10, 2024 - 10:59 PM
මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම් වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවයි.

එමෙන්ම මේ යටතේ ශිෂ්‍ය වර්ග හා ඉගෙනුම ලබන ශ්‍රේණි අනුව රෙදි කට්ටල වර්ග 35ක් නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)