පාසල් නිවාඩුව අද ඇරඹෙයි

December 22, 2023 - 9:40 AM
රජයේ පාසල් වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා පාසල් යළි ආරම්භ වන්නේ ලබන පෙබවාරි මස 01 වනදායි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම දීර්ඝ පාසල් නිවාඩුව හිමිවෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298 කදී පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)