පාසල් සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කරන්නේ නැහැ - අධ්‍යාපන අමාත්‍යාංශය

February 19, 2024 - 5:41 PM
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් නොකරන බව එම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලබනවා.

එමෙන්ම පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)