අවුරුදු සමයට බිත්තර ඉන්දියාවෙන්

February 25, 2024 - 6:18 PM
උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික බිත්තර කෝටි 3ක් ගෙන්වීමට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ බව වෙළඳ වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා ප්‍රකාශ කළා.

ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිත බව ඒ මහතා කියා සිටියා.
(lknews)