අවුරුදු සමයේ විශේෂිත ප්‍රවාහන සේවාව අද සිට

April 09, 2024 - 5:32 PM
අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගමන් කරන ජනතාව වෙනුවෙන් දුරගමන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන
බලධාරීන් පවසනවා.

ඒ අනුව ලංගම සේවා බස් රථ 1400ක් ධාවනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂිත දුම්රිය 12ක් ධාවනය සඳහා යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ සඳහන් කළා.

(lknews.lk)