මිහින්තලා පුදබිමේ සිටින පොලිස් සහ හමුදා සෙබළුන් ඉවත් කිරීමේ තීරණයක්

December 10, 2023 - 1:44 PM
මිහින්තලේ රජමහා විහාරයේ සේවයේ යොදවා ඇති හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට තීරණය ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (10) පාර්ලිමේන්තුවේදීයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් 250කට ආසන්න පිරිසක් එහි සේවයේ යොදවා ඇති බවයි.

හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙක් විහාරස්ථානයේ සිටීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔවුන් යොදවා තිබුණේ ආවේක්ෂණ රාජකාරී සඳහා බවත් මිහින්තලා රජමහා විහාරාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වන්නේ නම් අදාළ නිලධාරීන් එහි රැඳවීමට රජය සූදානම් නොමැති බවත් එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළා.
(lknews.lk)