සේනා දළඔුවා නිසා බඩ ඉරිඟු ගොවීන් අසරණ වෙයි

November 11, 2023 - 2:24 PM
අනුරාධපුර, මහකනදරා ගොවි ව්‍යාපාරයේ ජනයාගේ බඩ ඉරිඟු වගාව සේනා දළඔු හානිය හේතුවෙන් දැඩි අවදානමකට ලක් ව තිබෙනවා.

ගොවීන් පැවසුවේ මෙවර කන්නය ආරම්භ කර දින 12කට පසුව සේනා දළඔු හානිය පැමිණ ඇති බවයි.

වසර කිහිපයක සිටම මෙසේ සේනා දළඔුවන් වගාවට හානි කරන බව ගොවීන් පවසනවා.

මේ පිළිබදව අදාළ බලධාරීන් දැනුවත් කළ ද වගකිව යුතු කිසිම ආයතනයක් ඊට පිළියමක් ලබා නොදුන් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම සේනා දළඔු හානිය නිසා තමන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වෙන බව ද ඔවුන් පැවසුවා.
(lknews.lk)