සෙනෙගාල ජනාධිපතිවරණය කල් දැමීමේ තීරණය අත්හිටුවයි

February 16, 2024 - 12:07 PM
සෙනෙගාලයේ මේ මස පැවැත්වීමට නියමිත වූ ජනාධිපතිවරණය කල් දැමීමේ තීරණය එරට ජනපති මැකී සෝල් විසින් තීරණය කර තිබෙනවා.

නමුත් එම තීරණය ව්‍යවස්ථාවට පටහැනි නිසාවෙන් ජනාධිපතිවරයාගේ නියෝගය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටින්නේ.

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද මතභේදාත්මක පනතක් නිසා මෙම ඡන්දය ලබන දෙසැම්බර් මසට කල් දමා තිබෙනවා.
(LKNEWS)