අකලංක ජාතික වාර්තාවක් තබයි

February 20, 2024 - 2:10 PM
2024 ලෝක ජල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට අකලංක පීරිස් සමත් වී තිබෙනවා.

ඔහු එම තරගයේ 22 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබෙන අතර ඒ සඳහා ඔහු ගත කල කාලය තප්පර 26.86ක්.

ඒ අනුව එතෙක් පැවති පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ ජාතික වාර්තාව තත්පර 0.15 කින් ඉහළ දැමීමට අකලංක සමත් වුණා.

මීටර් 50 පසුපස ආර ඉසව්වට අමතරව, මීටර් 100 පසුපස ආර ඉසව්වට ද සහභාගී වූ අකලංක එහි දී තත්පර 57.52ක කාලයක් සමඟින් 40 වැනි ස්ථානයට පත් විය.
(lknews.lk)