දේශිය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

November 25, 2023 - 11:06 AM
දේශිය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව සෙවණගල සීනි සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ, මෙරට සීනි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ අරමුණෙන්.

සීනි නිෂ්පාදනය ඉහළ දැමීම සදහා භාවිතා කළ හැකි උක් ප්‍රභේද සොයාගැනීම සම්බන්ධ නිරීක්ෂණ මෙම දිනවල සිදු කෙරෙමින් පවතින බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා පවසනවා.

ඒ අනුව ලබන වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලසුමක් මාස තුනක් තුළ දී සකස් කර භාර දෙන ලෙසයි භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
(lknews.lk)