කොළඹ මාර්ග කිහිපයක් වැසේ

February 05, 2024 - 9:53 AM
භූගත නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් අද සිට කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයන් හි මාර්ග කිහිපයක් අදිර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පැවසුවා.

අද සිට ලබන 19 වනදා දක්වා උත්තරානන්ද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබෙනවා.

පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා වසා තැබෙන බව පොලීසිය පැවසුවා.

මාර්තු මස 05 වනදා සිට 11 වනදා දක්වා උත්තරානන්ද මාවත, පෙරහැර මාවත ආශ්‍රිතව රොටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස ද  වසා තැබෙනවා.
(lknews.lk)