වැල්ලවායේ මාර්ග කිහිපයක් ජල‍යෙන් යට වෙයි

October 19, 2023 - 12:33 PM
වැල්ලවාය කොළඹ මාර්ගය, වැල්ලවාය වත්ත ප්‍රදේශයෙන් සහ වැල්ලවාය උල්කන්ද මාර්ගය හදපානාගල ප්‍රදේශයේන් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ වැල්ලවාය ප්‍රදේශයට ඊයේ (18) දහවල් කාලයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමඟයි.

විශාල ජල පහරකින් මෙම මාර්ග දෙකම ජලයෙන් යට වූ අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයටත් බධා එල්ල වී ඇති බව සඳහන්.

මෙම ජල ගැලීම් තතත්ත්වය නිසා වැල්ලවාය ප්‍රදේශයේ නිවාස දහයක් පමන ද ජලයෙන් යටව තිබූ අතර අද උදෑසන වන විට ජලය බැස ගොස් මාර්ග යතාතත්වයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)