අංශ කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කෙරේ

January 03, 2024 - 6:33 PM
අංශ කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ 2024 ජනවාරි 03 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. 
 
ගැසට් පත්‍රයට අනුව අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති අංශ පහත පරිදි වනවා. 
 
  1. විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන් 
  2. ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
  3. රේගු ආඥාපනතේ අරමුණු සඳහා අර්ථ දක්වා ඇති පරිදි ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ආහාර හෝ බීම, ගල් අඟුරු, තෙල් හෝ ඉන්ධන ඉවත් කිරීම, ප්‍රවාහනය, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ඉවත් කිරීම (පරිච්ඡේදය 235) 
  4. ගුවන් තොටුපළ සහ වරාය ඇතුළු ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම.

(lknews.lk)