යාපනය නගරයේ වෙළඳසැල් කිහිපයකට ගින්නකින් හානි

December 28, 2023 - 12:14 PM

යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළඳසැල් තුනක අද (28) අලුය හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ගින්නෙන් රෙදිපිළි වෙළෙඳසැලක් සහ පාසල් බෑග් වෙළඳසැලක් මෙන්න යාබද පිහිටි තවත් වෙළෙඳසැල් දෙකකට හානි සිදුව ඇති බවයි.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් සිදුව නොමැති අතර අදාළ ගොඩනැගිල්ලේ විදුලි සැපයුම ද තාවකාලිකව විසන්ධි කර ඇති බව සඳහන්.

එමෙන්ම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
(lknews.lk)