අද සවස දුම්රිය කිහිපයක් අවලංගු කරයි

September 27, 2023 - 3:52 PM
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹින් පිටතට යන මගීන් විකල්ප ප්‍රවාහන භාවිතා කළ යුතු බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) M.J ඉන්දිපොලගේ මහතා පවසනවා. 

තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී කොළඹට ඇතුළු වන දුම්රියවලට ප්‍රමුඛතාව දෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 
 
මෙම තත්වය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කීපයක් අවලංගු කර ඇති අතර ධාවනය වන දුම්රිය ද බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වනු ඇති.
(lknews.lk)