ලිංගික අධ්‍යාපන සැලසුම ලබන 7 වනදා සිට

February 27, 2024 - 4:34 PM
පුර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබා දීමට සැකසු නව අධ්‍යාපන සැලැස්ම ලබන මස 07 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසු ගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම මෙහි පළමු අදියර ලෙස ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, ඊ ප්‍රකාශන ලෙස ලබා දීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව සඳහන් වනවා.
(lknews.lk)