දෙවන ටෙස්ට් තරගය සඳහා ශකිබ් ව කැඳවයි

March 26, 2024 - 10:20 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය  සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබෙනවා.

හිටපු නායක ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ, 2023 අප්‍රේල් මාසයේදීයි.

ටෙස්ට් තරග සඳහා සහභාගී වීමෙන් ඔහු වැළකී සිට තිබෙන්නේ, ඔහුගේ ඇසක ඇති වී ඇති අබාධයක් හේතුවෙන්.
(lknews.lk)