ශෙබාස් ෂරීෆ්ට පකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරය හිමිවන ලකුණු

February 14, 2024 - 11:20 AM
ශෙබාස් ෂරීෆ් පකිස්ථානයේ මීළඟ අග්‍රාමාත්‍ය ධූරයට නම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ සහෝදරයා වන හිටපු අගමැති නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීමට ගිවිසුමකට එළැඹ ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණයේදී ආසන 75ක් නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට සහ ආසන 54ක් භූතෝගේ පී පී පී පක්ෂයට හිමිව තිබෙනවා.

මෙහිදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ආසන 93ක් හිමි කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මැතිවරණයේදී තමන්ට එරෙහිව දූෂණ සිදුව ඇති නිසාවෙන් ප්‍රතිඵල වලට අභියෝග කිරීමට තම පක්ෂ සාමාජිකයින් පියවර ගන්නා බව ඉම්රාන් ඛාන් අවධාරණය කර සිටිනවා.
(LKNEWS)