IMF ගැන අලුත් ආරංචියක් ශෙහාන් සේමසිංහ කියයි

February 28, 2024 - 4:42 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.
(lknews.lk)