ෂෙල් ඉන්ධන ලබන 19 වැනිදා සිට ශ්‍රී ලංකාවට

March 07, 2024 - 2:52 PM
ෂෙල් - ආර්. එම් පාර්ක්ස් ඉන්ධන සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබෙනවා.

ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සඳහා රජය ඉන්ධන පිරවුම්හල් 150ක් සහ නව පිරවුම්හල් ආරම්භ කිරීමට බලපත්‍ර පනහක් ද නිකුත් කර තිබෙනවා.
(lknews.lk)