චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද කොළඹට

October 25, 2023 - 1:55 PM
'Shi Yan 6' චීන සමුද්‍ර පර්යේෂණ නෞකාව අද (25) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නෞකාවට අවශ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා මෙසේ කොළඹ වරායට පැමිණෙන බව සඳහන්.

චීන සමුද්‍ර පර්යේෂණ නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව අප්‍රසාදය පළ කර තිබු අතර මේ හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

'Shi Yan 6' නෞකාව භූ භෞතික ගවේෂණය සඳහා භූ කම්පන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව සහිත නවීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි.

ඒ අනුව නෞකාව නාරා ආයතනය සමඟ එක්ව පර්යේෂණයක් සිදුකිරීමට ද නියමිත අතර දින 25ක් පමණ මෙරට රැඳී සිටීමට නියමිතයි.
(lknews.lk)