මාතරින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

October 12, 2023 - 8:23 PM
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අයහපත් කාලගුණයෙන් එල්ල වී ඇති බලපෑම් හේතුවෙන්.

ඒ අනුව එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වැනිදාට පෙර ඒ පිළිබඳ දැනුම්වත් කරන ලෙස එම නිවේදනයේ සඳහන්.

ඒ සඳහා දුරකථන අංක 0412 234 134 හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුම්වත් කරන ලෙස ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.