විකිරණ ශිල්පීන්ගේ අඩුවක්

March 03, 2024 - 4:09 PM
විකිරණ තාක්ෂණ ශිල්පීන් අඩුවීම හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

සේවයේ නියතු නිලධාරීන් රට හැර යාම,මේ සඳහා හේතුවී ඇති බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළා.

එමෙන්ම සේවයට බඳවා ගැනීමට හැකි, සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින් 102 පමණ සිටියත් ඔවුන් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)