බන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් පෙන්වීම අද

April 11, 2024 - 10:51 AM
‍රාමසාන් දිනය නිමිත්තෙන් අද (11) දින බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණ‍යක් පමණක්, පවතින නීතිරීති හා නියමිත ‍සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම‍වේදයන් යටතේ ලබා දීමට සියලුම බන්ධනාගාර ආයතන කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළා.

(lknews.lk)