වැස්ස වැඩිවන ලකුණු

December 05, 2024 - 3:21 PM
එළැඹෙන 09වනදා සිට නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වී ඇති බවයි.

එහි බලපෑම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන කාලගුණ අනාවැකි පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඔහු ජනතාවට දැනුම් දුන්නා.

(lknews)