බස් ගාස්තු මිල වැඩි වෙන ලකුණු

February 01, 2024 - 3:55 PM
බස් ගාස්තු ඉහළ දැමීමට වහා කටයුතු කළ යුතු බව පෞද්ගලික බස් රථ සංගමය පවසනවා.

දිගින් දිගටම ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙය ක්‍රියාත්මක කළ යුතු බව සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළා.

එමෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තුව වැඩි කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.
(lknews.lk)