සිල්වර් මූන් කොළඹට

February 19, 2024 - 12:16 PM
සංචාරකයින් 516ක් රැගත්, කාර්ය මණ්ඩලය 400 දෙනෙකුගෙන් සමන්විත සුඛෝපභෝගී සිල්වර් මූන් මගී නෞකාව පසුගිය 16 වැනි දින මාලදිවයිනේ සිට කොළඹ වාරයට පමිණ තිබෙනවා.

එහි සංචාරකයින් කොළඹ සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරය කරනු ඇති.

බහමාස් ධජය යටතේ පැමිණි මෙම නෞකාව අද (19) පස්වරුවේ යළි මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.
(LKNEWS)