ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි

March 26, 2024 - 12:29 PM
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, රෝගී තත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.

ගංගා නදී තීරයේ, පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම් වැනි ගීත තුළින් රසික හදවත් පින වූ ඔහු අභාවප්‍රාප්ත වන විට 77 වැනි වියේ පසුවුණා.
(lknews.lk)