රුපියල් 03 ක් අඩුවෙන් ඉන්ධන ලබාගන්න තවත් තැනක්

September 13, 2023 - 3:40 PM
චීනයේ සිනොපෙක් සමාගම විසින් තවත් ඉන්ධන පිරවුම්හලක් මගින් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ ඉන්ධන බෙදා හැරීම අද(13) සිට ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් සිනොපෙක් සමාගම යටතේ ඉන්ධන බෙදා හැරෙන බව සඳහන්.

අදාළ පිරවුම්හලෙන් ද වෙළඳපොලේ පවතින සියලු ඉන්ධන වර්ගඅලෙවි කෙරෙන්නේ රුපියල් 3 ක මිල අඩු කිරීමක් යටතේයි.

සිනොපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය මත්තේගොඩදී පසුගිය දා විවෘත කළා.
(lknews.lk)