සීතාවක ඔඩිසි දුම්රිය සති අන්තයේ යළි ගමන් අරඹයි

October 27, 2023 - 3:12 PM
තාවකාලිකව නවතා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්තයේ ගමන් ආරම්භ කෙරෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසනවා.

පසුගිය දා එම දුම්රිය තාවකාලිකව නවතා දැමුණේ, අයහපත් කාලගුණය හේතුවෙන්.

මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හි ධාවනය කෙරෙනු ඇති. 

ඒ අනුව හෙට කොළඹ කොටුවෙන් පෙරවරු 8.25 ගමන් ආරම්භ කෙරෙන මෙම දුම්රිය යළි පස්වරු 6.50ට අවිස්සාවේල්ලෙන් කොළඹ කොටුව බලා පිටත් වීමට නියමිතයි.
(lknews.lk)