අනවසරෙන් මැණික් ගරමින් සිටි හයක් අත්අඩංගුවට

June 23, 2024 - 1:46 PM
බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනා වයස අවුරුදු 20ත් 44ත් අතර බවයි සදහන් වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
(lknews.lk)