කැලෑවක තිබී කාන්තාවකගේ බව සැක අස්ථි කොටස් හමුවෙයි

October 18, 2023 - 7:41 PM

වැලිකන්ද, කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් කිහිපයක් සහ කාන්තා ඇඳුම් පැලඳුම් කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

ඊයේ (17) වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුම එම අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයේ හමුවූ කාන්තා ඇඳුම් කොටස් හිස් වැසුම 2019 වසරේදී සිංහපුර වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලිසිය සැක පළකරනවා.

අස්ථි කොටස් හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. 
(lknews.lk)