කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කරයි

July 29, 2024 - 5:32 PM
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඒ. එම්. එච්. එල්. අබේරත්න පත්කර තිබෙනවා.

ඔහු මෙතෙක් කලක් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර පසුගිය සතියේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ගත්තා.

ඒ අනුවඔහුගේ සේවය තවදුරටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබා ගැනීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම පත්කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)