මත්පැන් බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතයි

October 18, 2023 - 1:05 PM
සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් අලෙවි කිරීමට, බලපත්‍ර ලබාදීම තාවකාලිකව නවතා දැමූ බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසනවා. 

ඔහු සඳහන් කළේ, අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම පියවර ගත් බවයි.
(colombotimes.lk)