සූර්ය පැනල මිලත් ඉහළට

December 19, 2023 - 9:36 AM
ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට නිවෙස්වල සවිකරන සූර්ය පැනල කට්ටලයක මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් සහ එහි බලශක්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ලක්මල් ප්‍රනාන්දු පවසනවා.

18%ක වැට් බද්ද සූර්ය පැනල කට්ටලයක් සඳහා ද පැනවීම ඊට හේතුව බවයි එම මණ්ඩලය කියා සිටියේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු සමාගමකට මන්නාරම - පූනකරි වැව මතුපිට මෙගාවොට් 700ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ගැටලු පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.
(lknews.lk)